සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට

2023 (2024) වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (06) දිනයයේ ආරම්භ වනවනවා.

හෙට (06) දිනයේ ආරම්භ වන විභාගය ලබන 15 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3527කදී පවැත්වෙන මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 387,648ක් සුදුසුකම් ලබා සිටිනවා.

මෙවර විභාගය වෙනුවෙන් පුද්ගලික අයදුම්කරුවන් 65,331ක් සුදුසුකම් ලබා ඇති අතර, ඒ අනුව විභාගය වෙනුවෙන් පෙනී සිටිමට නියමිත සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 452,979ක්.

විභාගය සම්බන්ධීකරණ කටයුතු සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 535ක් සහ පිළිතුරු පත්‍ර එක්රැස් කිරීමේ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 33ක් පිහිටුවා ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව පැවසුවා.

මේ අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාර පංති පසුගිය 30 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි තහනම් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළා.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *