සැක කටයුතු ලෙස හෝටලයක රැඳී සිටි විදෙස් ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට

ගාල්ල පොලිස් වසමේ බෝපේ පාර, ගිංතොට ප්‍රදේශයේදී ගාල්ල පොලිස් සථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත හෝටලයක රැදී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ පරිගණක අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට චීන ජාතික පිරිමි පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 33 හා 38 වයස්වල පසුවන පුද්ගලයින් බවයි පොලිසිය පවසන්නේ.

සැකකරුවන් සන්තකයේ තිබී ජංගම දුරකථන 05ක්, හිමිකරුවෙකු නොමැති විදෙස් ගමන් බලපත්‍රයක් සහ බැංකු කාඩ්පත් 04ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

What's your reaction?

Related Posts

1 of 129

Leave A Reply

Your email address will not be published. Required fields are marked *