”සැමට සෞභාග්‍ය, සංවර්ධනය උදාවන නව යුගයක් සැප්තැම්බර් 21 වැනිදායින් පසුව බිහි කරනවා”

කඩා වැටුණු දේශය වෙනුවට සැමට සෞභාග්‍ය, සංවර්ධනය උදා වන නව යුගයක් සැප්තැම්බර් 21 වැනිදායින් පසුව බිහි කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

ඊයේ (15) නාමයෝජනා භාරදීමෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

අනතුරුව පිටතට පැමිණි සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පිළිගැනීම සදහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම ආධාරකරුවන් විශාල පිරිසක් මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය පිටත රැස්ව සිටියා.

ඔවුන්ගෙන් විපක්ෂනායකවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමක්.

අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රැස්ව සිටි පිරිස මෙලෙස අමතනු ලැබුවා.

නාමයෝජනා භාර දීමෙන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබා ගත්තා.

පසුව විපක්ෂ නායකවරයා නුගේගොඩ නාලන්දාරමයට පැමිණ මහා සංඝ රත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගනිමින් ආගමික වතාවත්වල නිරත වුණා.

අනතුරුව, මෝදර ශ්‍රී විෂ්ණු කෝවිලට, මැද කොළඹ මුස්ලිම් දේවස්ථානයට සහ මොරටුව කතෝලික දේවස්ථානයට ද ගොස් විපක්ෂ නායකවරයා ආගමික වතාවත්වල නිරත වී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *