සැමියාගේ මත්පැන් වීදුරුවට විෂ දැමූ බිරිඳ සහ මස්සිනා අත්අඩංගුවට

බෙලිඅත්ත, කොස්ගහගොඩ ප්‍රදේශයේ බිරිඳක් මත්පැන් වීදුරුවකට විෂ රසායන ද්‍රව්‍යයක් දමා සිය සැමියාට ලබා දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් බිරිඳ හා ඇයගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයා 45 හැවිරිදි පෙදරේරුවෙක් බවයි වාර්තා වන්නේ.

පොලිසිය පවසන්නේ එය පානය කිරීමත් සමග ඔහු ඇද වැටී ඇති අතර, ඔහුව රෝහල් ගත කර ඇත්තේ හෘදයාබාධයක් බව පවසමින් බවයි සඳහන් වන්නේ.

පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාව‍රණය වී ඇත්තේ සැමියාගේ හිරිහැර හේතුවෙන් මෙසේ සිදුකර ඇති බවයි.

අත්අඩංගුවට ගත් කාන්තාව වයස අවුරුදු 40 හැවිරිදි තිදරු මවක් බවයි වාර්තා වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *