සිංගප්පූරු පොලිසියට ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීම අරඹයි

සිංගප්පූරු පොලිසියේ සහායක පුරප්පාඩු 200ක් සඳහා ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.

මෙම පුරප්පාඩු සඳහා ‘පැමිණ සහභාගි විය හැකි’ ආකාරයේ සම්මුඛ පරීක්ෂණයක් 16 ආරම්භ කළ අතර එම සම්මුඛ පරීක්ෂණ 17 දින වලදි ද නාවල පිහිටි ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිතායතන කාර්යාලයේදී පැවැත්වෙනු ලැබෙනවා.

මාර්ගගතව ක්‍රමය ඔස්සේ https://forms.gle/8DzuH5LUooxg4czE6 හරහා අයදුම්පත් රැගෙන පැමිණෙන ලෙසත් සම්මුඛ පරීක්ෂණය සඳහා උසස් පෙළ හෝ IELTS සහතිකය සමඟ විදේශ ගමන් බලපත්‍රය රැගෙන එන ලෙසත් අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

IELTS පරීක්ෂණයෙන් 4.5ක ප්‍රතිශතයක් ලබා තිබිය යුතු වන අතර අයදුම්කරුවන් අවුරුදු 25ත් – 35ත් අතර වයසේ පසුවිය යුතුය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා 0112 – 800407 ඔස්සේ ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිතායතන ක්ෂණික ඇමතුම් අංකය ඇමතිය හැකිය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *