සිසුන්ගෙන් අඩකට ආර්ථික අර්බුදය හරහට

ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට වයස අවුරුදු 03ත් 21ත් අතර පාසල් අධ්‍යාපනය ලබන පිරිසෙන් 54.9%කගේ පාසල් අධ්‍යාපනය සඳහා බලපෑම් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලැබූ සමික්ෂණයක දත්ත උපුටා දක්වමින් මහ බැංකුව මගින් නිකුත් කර ඇති නවතම වාර්තාවක මේ බව සඳහන්.

සිසුන් පාසල් අධ්‍යාපනය හැර යාම, අවම කිරිම, මෙන්ම ගුණාත්මක අධ්‍යාපන ප්‍රවේශය සඳහා යොමු කිරිමට රජය මගින් කටයුතු කර අධ්‍යාපන අංශය නැවත සාමාන්‍ය තත්ත්වයට පත්කර ඇතත්, පසුගිය සමයේ පැවති ආර්ථික අර්බුද කාලසිමාව තුළ අධ්‍යාපන පද්ධතිය තුළ ඇතිවූ විෂමතාවයන් සඳහා තවමත් නිසි පිළියම් ලබා දී නොමැති බවයි එම වාර්තාවෙන් දක්වා තිබෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *