සිසුවියකට සිදුකළ අපරාධයේ තවත් සැඟවුණු කරුණු රැසක් හෙළිවෙයි

හංවැල්ල ප්‍රදේශයේදී 17 හැවිරිදි පාසැල් සිසුවියක සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනෙකු, හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව, පොලිසිය ප්‍රකාශ කළා.

මේ අතර, සිද්ධියට මුහුණ දුන් පාසැල් සිසුවිය එම සිදුවීම සම්බන්ධයෙන් පරස්පර අදහස් පළ කර තිබෙනවා.

හංවැල්ල, ⁣පහළ කොස්ගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවියක සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් වාර්තා වූයේ මීට දින දෙකකට ඉහතදීයි.

සිය පුංචි අම්මා සමග නගරයේ දන්සැලකට ගොස්, අනතුරුව සිය පෙම්වතා හමු වීමට ඔහුගේ නිවසට ගිය බව, දුෂණයට ලක් වූ සිසුවිය පොලිසියට පවසා තිබුණා.

එහිදී පෙම්වතා සමඟ තමන් ලිංගිකව එකතු වූ බවත්, අනතුරුව පෙම්වතා ඔහුගේ යතුරු පැදියෙන් තමන් ඇඹුල්ගම හංදියට ගෙනැවිත් දැමු බවත් සිසුවිය පොලිසියට පවසා තිබූ අතර, එම ස්ථානයට පැමිණි පෙම්වතාගේ යහළුවෙකු තමන් ජල්තර ප්‍රදේශයේ ඉදි කරමින් පවතින ආදාහනාගාරයකට රැගෙන ගිය බව
ද සිසුවියගේ ප්‍රකාශයේ සඳහන්.

එම ස්ථානයට පැමිණි තවත් සිව් දෙනෙකු විසින් තමා දූෂණය කළ බව ද ඇය පොලිසිය හමුවේ පවසා තිබුණා.

කෙසේ වෙතත්, ඊයේ දිනයේදි ඇය පොලිසිය හමුවේ කළ ප්‍රකාශයකදී සිද්ධිය සම්බන්ධයෙන් පරස්පර කරුණු කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී ඇය පවසා ඇත්තේ, තමන් හමුවීමට අවශ්‍ය බවට පෙම්වතා කළ දැනුම්දීමකට අනුව තමන් ඇඹුල්ගම හන්දියට පැමිණි බවයි.

පසුව, පෙම්වතා තමා යතුරු පැදියේ නංවාගෙන ජල්තර ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ආදාහානාගාරයක් වෙත රැගෙන ගිය බවත්, එම ස්ථානයේ ඔහුගේ යහළුවන් දෙදෙනෙු සිටි බවත් ඇය පවසා තිබෙනවා.

ඔවුන් තිදෙනා තමා දූෂණය කර, යළි ඇඹුල්ගම හන්දියට තමන් ගෙනැවිත් දැමු බවද සිසුවියගේ ප්‍රකාශයේ සඳහන්.

ඇඹුල්ගම හන්දියේ සිට තවත් මිතුරෙකුට දුරකථන කෙටි පණිවුඩයක් හරහා තමන් එම ස්ථානයේ රැඳී සිටින බව දැනුම්දුන් බවත් පසුව, එම මිතුරා ද එහි පැමිණ තමා යතුරු පැදියක නංවාගෙන යළිත් වරක් ජල්තර

ප්‍රදේශයේ ඉදි කරමින් පවතින ආදාහනාගාරය වෙත රැගෙන ගිය බව ද සිසුවිය පොලිසියට පවසා තිබෙනවා.

එම අවස්ථාවේදී ද එහි තවත් තිදෙනෙකු රැදී සිට ඇති අතර, ඔවුන් ද තමා දූෂණය කළ බව ඇය පොලිසිය හමුවේ කළ ප්‍රකාශයේ සඳහන්.

පසුව තමා යළිත් වරක් ඇඹුල්ගම හන්දියට ගෙනැවිත් දැමූ බවත්, ඇගේ මිතුරා රුපියල් 40ක මුදලක් ලබා දී නිවසට යන ලෙස දැනුම් දුන් බවත් සිසුවිය ඊයේ පොලිසියට පවසා තිබෙනවා.

ඇය නිවසට යාමට නොහැකිව එම ස්ථානයේ රැඳී සිටියදී පැමිණි පොලිස් නිලධාරියෙකු ඇගෙන් කළ විමසීමකදී ඇය තමන් මුහුණ දුන් සිද්ධිය එම නිලධාරියාට පවසා තිබුණා.

ඒ අනුව, එම සිසුවිය හංවැල්ල පොලිස් ස්ථානයට රැගෙන ආ අතර, නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත කණ්ඩායමක් විමර්ශන ආරම්භ කළා.

මේ වනවිට මෙම සිද්ධියට අදාළව ඇගේ පෙම්වතා ඇතුළු සැකකරුවන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් සැකකරුවෙකු සොයා පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

දූෂණයට ලක් වූ පාසැල් සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *