සීසර්ලාට විරුද්ධව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්

මූල්‍ය ආයතනවල සීසර්ලා පොලිසීය සමඟ එක්ව තවමත් වාහන පැහැරගෙන යාමේ කාර්යයේ නිරත වන බව පවසමින් ලීසීං හා නය වාරික ගෙවන්නන්ගේ සංගමය අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා පුවරු ඔසවමින් නිහඬ විරෝධතාවයක නිරත වුනා..

මෙහිදි අදහස් දක්වමින් ලීසිං හා ණය වාරික සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා සඳහන් කලේ

පසුගිය ආණ්ඩුවෙන් ගැසට් එකක් ගහලා වාහන පැහැරගැනීම නතර කරලා තිබ්බා. අපි වර්ථමාන ජනාධිපතිතුමාට ලියුමක් භාරදීලා දින 50ක් වෙනවා. කිසිම පිලිතුරක් නෑ.
එතුමාට තියෙන්නේ මේ ගැන ගැසට් එකක් ගහන්න විතරයි. නමුත් ඒක කරන්නේ නෑ. අපිට දැන් ලොකු සැකයක් තියනවා මේ ජනාධිපතිතුමත් ලීසිං කොම්පැනිවල මාෆියාවලට යට වෙලාද කියලා.

What's your reaction?

Related Posts

1 of 442

Leave A Reply

Your email address will not be published. Required fields are marked *