හදිසියේ මියගිය එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයාගේ මරණය පසුපස සැඟවුණු කතාවක්

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ විශිෂ්ඨ පිතිකරුවෙකු වූ ග්‍රැහැම් තෝර්ප් (55) මිය ගොස් ඇතැයි එංගලන්ත ක්‍රිකට් ආයතනය ඉකුත් සතියේ නිවේදනය කළා.

මානසික අවපීඩනය සහ කාංසාව සමඟ ඇති වූ සිත් තැවුලෙන් ඔහු සිය දිවි නසාගෙන ඇති බවයි පවුලේ අය මාධ්‍යට පවසා තිබුණේ.

ඒ අනූව ඔහුගේ බිරිඳ සහ දියණියන් එරට ටයිම්ස් පුවත්පතටයි මේ බව හෙළිකර ඇත්තේ.

2021-22 අළු බඳුන 4-0ක පරාජයෙන් පසුව එංගලන්තයේ සහය පුහුණුකරු වූ ඔහු එම තනතුරෙන් ඉවත් වුණා.

පසුව ඔහු ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාර ගැනීමට නියමිතව සිටි නමුත් 2022 මැයි මාසයේදී පමණ රෝගාතුර වුණා.

අනතුරුව පසුගිය වසර කිහිපය තුළ ග්‍රැහැම් දැඩි මානසික අවපීඩනයෙන් හා කාංසාවකින් පීඩා විඳිමින් සිටි බවයි පැවසෙන්නේ.

මේ නිසා දිගු කාලයක් ඔහු රෝහල් ගතව සිටියා.

ග්‍රැහැම් ක්‍රීඩා පිටියේ ඉතා දක්ෂ සහ මානසිකව ශක්තිමත් අයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

2022 අග භාගයේදී ඕවල් හි පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකටද මොහු සහභාගී වූ බවයි බිරිඳ විසින් එම පුවත්පතට පවසා තිබුණේ.

ඔහු විනෝදකාමී චරිතයක්ව සිටි බවද ග්‍රැහැම් තෝර්ප් ගේ බිරිය එම මාධ්‍ය වෙත කියා තිබෙනවා.

මේ අතර තෝර්ප්ගේ වැඩිමහල් දියණිය කිටී එරට ටයිම්ස් පුවත්පතට පවසා තිබුණේ,
“අපිට ඕවා කතා කරන්න ලැජ්ජ නෑ, හංගන්න දෙයක් නෑ, කැළලක් නෙවෙයි, අපි එයාට හොඳ කරගන්න උදව් කළා. ආරක්ෂා කරන්නයි හැදුවේ, නමුත් බැරිවුණා.ඒකයි අපි දැන් ජනතාව දැනුවත් කරන්නේ. ඔහු ජීවිතයට ආදරය කළා, ඔහු අපට ආදරය කළා, නමුත් ඔහුට මගක් නොපෙනුණා. ඔහු මරණය හද කම්පා කරනවා.” යනුවෙන්

ග්‍රැහැම් තෝර්ප් පදිංචිව සිටි සරේ ප්‍රදේශයේ හදිසි මරණ පරීක්ෂකවරයා විසින් තෝර්ප්ගේ මරණය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය කටයුතු කළ බවයි වාර්තා වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *