හබලෙන් පහර දී පුද්ගලයෙක් එළොව යවලා

පොළොන්නරුව, අරලගන්විල පොලිස් වසමට අයත් පිඹුරත්තෑව ධීවර තොටුපොළේදී අඹුසැමි යුවළක් විසින් පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් එම අඹුසැමි යුවළ අත්අඩංගුවට ගත් බවයි අරලගන්විල පොලිසිය පැවසුවේ.

ඊයේ (18) රාත්‍රියේදී මෙම පහර දීම සිදු කර ඇති අතර එම අඹුසැමි යුවළ පොලිසියට පවසා ඇත්තේ එම පුද්ගලයා කාන්තාවට අතවර කිරීමට ආ නිසා මෙසේ එම පුද්ගලයාට පහරදී ඝාතනය කළ බවයි.

මෙලෙස පහර කෑමෙන් මරණයට පත්ව ඇත්තේ අරලගන්විල, මුල්ගල, පිඹුරත්තෑව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි තිදරු පියෙකි. ඔහු ධීවර කර්මාන්තයේ නියැලෙන්නක් බව පොලිසිය පවසනවා.

ඝාතනය සිදුකළ 67 හැවිරිදි සැකකරු සහ 47 හැවිරිදි කාන්තාව අරලගන්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (19) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

මෙලෙස පුද්ගලයා ඝාතනය කිරීමට යොදා ගන්නා ලදැයි කියන හබලද එම ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අරලගන්විල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *