හිටපු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද සමගි ජන බලවේගයට එකතු වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදවච්චිය හිටපු ආසන සංවිධායක මෙන් ම හිටපු අමාත්‍යවරයකු වන තිස්ස කරල්ලියද්ද සමගි ජන බලවේගය හා එක්වී තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඔහු ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යධුරයේ ද දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

සමගි ජන බලවේගය හා එක්වූ ඔහුව මැදවච්චිය ප්‍රදේශයේ සම සංවිධායකවරයා ලෙස පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *