හිටපු කනිෂ්ඨ මීටර් 800 ලෝක ශූරයා දිවියෙන් සමුගයි

වයස අවුරුදු 20න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූර කිපිගොන් බෙට් කෙන්යාවේ බොමෙට්හිදී ජීවිතක්ෂයට තිබෙනවා.

මියයන විට ඔහු 26 හැවිරිදි වියෙහි පසුවිය.

2014 පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම්ලාභී ක්‍රීඩිකාවක් වන කිරුයි සිය සහෝදරයා සම්බන්ධයෙන් පැවසුවේ, ඔහු මාසයකට ආසන්න කාලයක් දරුණු උදර වේදනාවකින් පෙළුණු බවයි.

පසුව වෛද්‍යවරු ඔහුට අක්මාව ආශ්‍රිත රෝගයක් ඇති බව හඳුනාගෙන ඇති අතර, ඔහු රෝහල් ප්‍රතිකාර ලබාගෙන ඇති බවටයි ඇය සඳහන් කරන්නේ.

රෝහලේ සිට පැමිණ නිවසේ සිටියදී ඔහුට ලේ වමනය ගොස් ඇති අතර, රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ.

දක්ෂ මීටර් 800 ධාවකයෙකු වන බෙට්, 2016 වසරේ දී කනිෂ්ඨ ලෝක ශූරතාව දිනා ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, 2018 වසරේ දී තහනම් උත්තේජක සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට වසර හතරක තරග තහනමක් ලැබුණු අතර, පසුව ඔහුගේ වෘත්තීය ජීවිතය අඩාල වී තිබෙනවා.

එමෙන්ම මෙහිදී කිරුයි සඳහන් කර ඇත්තේ, සිය සහෝදරයා ඔහුගේ තහනම අතරතුර මානසික අවපීඩනයට පත් වූ අතර, සෞඛ්‍යයට අහිතකර පුරුදු ඇති කර ගත් බවයි.

බෙට්ගේ අත්හිටුවීම 2022 අගෝස්තු මාසයේදී අවසන් වුවද, ඔහුට තරඟකාරී මලල ක්‍රීඩාව වෙත ආපසු යාම දුෂ්කර වී තිබෙනවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *