හෙට ප්‍රදේශ කිහිපයකට වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වල හෙට (25) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත්, මහනුවර, සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම උතුර, උතුරුමැද සහ වයඹ පළත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 40 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මුලතිව් සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50ත් 60ත් දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *