හෙටින් පසු වැසි අඩුවේ

දිවයිනට බලපා ඇති වැසි තත්ත්වයේ ක්‍රමික අඩුවීමක් හෙටින් පසු අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සදහන් කළේ, අද දිනයේ බස්නාහිර, සබරගමුව යන පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට මිලිමිටර 100ක පමණ වැසි ඇති හැකි බවයි.

අද උදෑසන 8.30න් අවසන් වූ පැය විසි හතර තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 76.3 පාදුක්ක සහ දෙහිවල ප්‍රදේශවලට ලැබී තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදු ප්‍රද්ශයේ පැයට කිලෝමීටර 60ත් 70ත් අතර තද සුළං මෙන්ම වැසි ඇති විය හැකි බැවින් ධිවර හා නාවික ප්‍රජාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කල යුතු බවයි.

මේ අතර, පවතින වර්ෂාපතනයත් සමග කොළඹ, කළුතර, ගාල්ල, මාතර, කෑගල්ල, රත්නපුර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට පනවා ඇති නායයෑමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළා.

පවතින වැසි තත්වයත් සමඟ කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ද ඉදිරි පැය 24 දක්වා යළි දීර්ඝ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් එම ප්‍රදේශවල පදිංචි ජනතාව මෙන්ම ප්‍රදේශය ඔස්සේ ගමන් ගන්නා රියදුරන් ද අවධානයෙන් පසුවිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *