අගලවත්ත, දෙල්පාවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජනවාරි 01) පෙරවරුවේ සිදුවූ පහරදීමකින් කාන්තාවක් මියගොස් ඇති බව පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මහගම, දෙල්පාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි කාන්තාවකි.පොලිස් විමර්ශනවලට අනුව, කලක පටන් පැවති පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ඇයගේ සැමියා විසින් දොර අගුලක් (Door bolt) භාවිතා කර එල්ල කළ ප්‍රහාරයක් මෙම මරණයට හේතු වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් 84 හැවිරිදි සැකකාර සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, අගලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


























