අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය චීන කාන්තා සමුළුවට පිටත් වේ

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මහත්මිය චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර කාන්තා සමුළුවකට සහභාගී වීම සඳහා ඊයේ (ඔක්තෝබර් 11) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් (BIA) පිටත්ව ගිය බව ගුවන්තොටුපළ නිලධාරීහු තහවුරු කළහ.​ඇය සමග ඇගේ නිල දූත සහ තවත් නියෝජිතයන් දෙදෙනෙකු ද පිටත්ව ඇත.අග්‍රාමාත්‍යවරිය ඇතුළු පිරිස ඔක්තෝබර් 11 වැනිදා රාත්‍රී 10.15ට පිටත්ව ගිය CA-426 දරන චයිනා එයාර්ලයින්ස් (China Airlines) ගුවන් යානයෙන් චීනයේ චෙංග්ඩු (Chengdu) නගරය බලා පිටත්ව ගිය බව සඳහන් වේ.

What's your reaction?

Related Posts

1 of 894

Leave A Reply

Your email address will not be published. Required fields are marked *