ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) විශේෂ ඇරයුමකට අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (මාර්තු 08) මධ්‍යම රාත්‍රියේ පිලිපීනයේ මැනිලා නුවර බලා දිවයිනෙන් පිටත්ව ගියාය. මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධානය කර ඇති සුවිශේෂී වැඩසටහන් මාලාවකට සහභාගී වීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි.මැනිලා හි නිනෝයි ඇක්විනෝ (NAIA) ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වූ අග්රාමාත්යවරියව පිලිපීන රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. එහිදී පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය චානක තල්පහේවා මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.මෙම සංචාරයේ විශේෂම අවස්ථාව ලෙස ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ පැවැත්වෙන ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙලේ ප්‍රධාන දේශනය අග්‍රාමාත්‍යවරිය විසින් සිදු කිරීමට නියමිතව ඇත. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඇය එහිදී කාන්තා සවිබල ගැන්වීම සහ කලාපීය සංවර්ධනය පිළිබඳ අදහස් දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.මීට අමතරව, දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් පුළුල් කරගැනීමේ අරමුණින් අග්‍රාමාත්‍යවරිය පිලිපීන රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර ඇත. මෙමගින් ආර්ථික හා සමාජීය ක්ෂේත්‍ර රැසක සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීමට අවස්ථාව හිමිවනු ඇත.


























