අදත් ප්‍රදේශ රැසක උණුසුම අවදානය යොමු කළ යුතු මට්ටමේ…

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උණුසුම අද (24) දිනයේදීත් අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වයඹ , බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය අවධානය යොමුුකළ යුතු මට්ටමක පවතින බවයි.

උණුසුම් කාලගුණයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

වැඩිහිටි පුද්ගලයින් සහ ළමුන් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.

What's your reaction?

Related Posts

1 of 567

Leave A Reply

Your email address will not be published. Required fields are marked *