අද දිවයිනේ කාලගුණය: කිහිපපොළකට වැසි සහ මීදුම් තත්ත්වයක්

අද පස්වරු 2.00 න් පමණ පසුව ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාමකාමී කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. උදෑසන කාලයේදී සබරගමුව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත්, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 1,006

Leave A Reply

Your email address will not be published. Required fields are marked *