අද සිට දින 3ක් විශේෂ මදුරු මර්දන වැඩසටහනක්…

අද (27) සිට දින 3ක් , දිස්ත්‍රික්ක 8ක විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

එම දිස්ත්‍රික්ක වන්නේ කොළඹ , ගම්පහ , කළුතර , රත්නපුර , මඩකලපුව , ත්‍රිකුණාමලය, මාතලේ සහ මාතරයි.

පවතින කඩින්කඩ වර්ෂාව හේතුවෙන් ඩෙංගු යළි ව්‍යාප්ත වීමේ අවධානමක් මතුව ඇති බව, ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි.

එම අවධානම් තත්ත්වය සැලකිල්ලට ගෙන, විශේෂ මදුරු මර්දන වැඩසටහන ලබන 29 වැනිදා දක්වා ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු 
මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ ය.

නිවාස , පාසල් , වැඩබිම්  , කර්මාන්ත ශාලා , ආගමික ස්ථාන සහ පොදු ස්ථාන එහිදී පරික්ෂා කරනු ඇති.

සිය පරිශ්‍ර තුළ මදුරුවන් බෝ වන තැන් විනාශ කරන්නැයි,  සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තාවී ඇති ඩෙංගු රෝගින් සංඛ්‍යාව 10,886කට අධිකයි.

What's your reaction?

Related Posts

1 of 754

Leave A Reply

Your email address will not be published. Required fields are marked *