අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය!

2025 (2026) වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන අප්‍රේල් මස 30 වනදායින් පසුව නිකුත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය ප්‍රකාශ කර සිටියි. මෙම වසරේ විභාගයට අදාළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ අනුව මාර්තු මස 12 වනදා සිට අප්‍රේල් මස 10 වනදා දක්වා එම කටයුතු ක්‍රියාත්මක වනු ඇත.​පළමු අදියරේ ඇගයීම් කටයුතු මාර්තු 12 සිට 23 දක්වාත්, දෙවන අදියර අප්‍රේල් 01 සිට 10 දක්වාත් පැවැත්වීමට නියමිත බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය. පිළිතුරු පත්‍ර ඇගයීමෙන් අනතුරුව අප්‍රේල් මස 22 වනදා සිට 30 වනදා දක්වා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙම සමස්ත ක්‍රියාවලිය අවසන් වූ වහාම ප්‍රතිඵල නිකුත් කරන නිශ්චිත දිනය තීරණය කරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරිය පවසා සිටියේ.

What's your reaction?

Related Posts

1 of 1,034

Leave A Reply

Your email address will not be published. Required fields are marked *