රජය යෝජනා කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විපක්ෂය විරුද්ධ නොවන නමුත්, එම වෙනස්කම් හරහා අධ්‍යාපනය “අසභ්‍යකරණය” (Vulgarisation) කිරීමට දරන උත්සාහයට දැඩි ලෙස විරෝධය පළ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සිකුරාදා ප්‍රකාශ කළේය. කිතුල්ගල මූලික රෝහලේ පැවැති “හුස්ම” වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ 1 සහ 6 ශ්‍රේණි සඳහා හඳුන්වා දෙන ප්‍රතිසංස්කරණවලට විපක්ෂය කිසිවිටෙකත් විරුද්ධ නොවූවත්, එම විෂය නිර්දේශයන්ට අධ්‍යාපන පද්ධතියට හානිකර සහ නුසුදුසු කරුණු ඇතුළත් කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බවයි. අධ්‍යාපනය පරිවර්තනීය වෙනසකට ලක් විය යුතු වුවත් එය පහත් තත්ත්වයට ඇද දැමීමට ඉඩ දිය නොහැකි බවත්, කිසිදු විධිමත් ක්‍රියාවලියකින් තොරව හුදෙක් ‘පවර් පොයින්ට්’ ඉදිරිපත් කිරීමක් මගින් පමණක් මෙවැනි ජාතික ප්‍රතිසංස්කරණ සිදු කිරීම විහිළුවක් බවත් හෙතෙම අවධාරණය කළේය.මෙම අවස්ථාවේදී කිතුල්ගල මූලික රෝහල වෙත රුපියල් මිලියන 3.3ක් වටිනා CTG යන්ත්‍රයක්, බිළිඳුන් උණුසුම්ව තබන යන්ත්‍රයක් (Baby Warmer) සහ රෝගී නිරීක්ෂණ යන්ත්‍ර (Patient Monitors) දෙකක් ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට ද පියවර ගැණුනි. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් මෑතකදී කළ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ රජය පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කිරීමෙන් තොරව අක්‍රමවත් ලෙස මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බවයි. ඉංග්‍රීසි, චීන, ජපන් සහ හින්දි වැනි භාෂා ඉගෙනීමේ අවස්ථා පුළුල් කිරීමට විපක්ෂය ගෙන ආ යෝජනා රජය උපහාසයට ලක් කළ බව ද ඔහු මෙහිදී සිහිපත් කළේය. තමන් විපක්ෂයේ සිටියදී පවා මෙලෙස සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කරමින් ජාතික සංවර්ධනයට දායක වන්නේ ජනතාවගේ ජීවන තත්ත්වය සහ ආයු අපේක්ෂාව ඉහළ නැංවීමේ අරමුණින් බව ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.


























