අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ යුතුයි – දිලිත් ජයවීර

පවත්නා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසි විද්‍යාත්මක පදනමකින් තොරව ක්‍රියාත්මක කිරීම හේතුවෙන් අධ්‍යාපන පද්ධතියම දැඩි අර්බුදයකට ලක්ව ඇති බව සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, මෙම ප්‍රතිසංස්කරණ ක්ෂණිකව මුළු පද්ධතියටම හඳුන්වා දෙනවා වෙනුවට මුලින්ම නියමු ව්‍යාපෘතියක් (Pilot Project) ලෙස ක්‍රියාත්මක කළ යුතු බවයි.​අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මහපොළොවේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව රජය නිසි දැනුවත් කිරීමක් සිදු නොකරන බවත්, මේ හේතුවෙන් හයවන ශ්‍රේණියේ දරුවන් ඇතුළු සමස්ත ශිෂ්‍ය ප්‍රජාවම අතරමං වූ තත්ත්වයකට පත්ව ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, ආණ්ඩුවේ ඇතැම් පාර්ශව ජාතික අනන්‍යතාවයට සහ මහා සංඝරත්නයට එල්ල කරන විවේචන දැඩි ලෙස හෙළා දකින බවද ප්‍රකාශ කළේය.

මෙම මාධ්‍ය හමුවට එක්වූ හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේ, වත්මන් රජය සහල් ජාවාරම්කරුවන් පාලනය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් පාරිභෝගිකයා දැඩි පීඩාවකට පත්ව ඇති බවයි. දේශීය කෘෂිකර්මාන්තය පිළිබඳව රජයට නිසි වැඩපිළිවෙළක් නොමැති බවත්, වී තොග ලබාගැනීමේදී පවා පාරදෘශ්‍යභාවයකින් තොරව කටයුතු කරන බවත් ඔහු චෝදනා කළේය.​එමෙන්ම අධ්‍යාපන පද්ධතිය තුළ ඇතැම් විකෘති සංකල්ප වර්ධනය කිරීමට උත්සාහ ගන්නා බවට චෝදනා කළ රණසිංහ මහතා, ක්‍රීඩා ක්ෂේත්‍රයද පෙර පරිදිම දූෂණයට ලක්ව ඇති බව අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 981

Leave A Reply

Your email address will not be published. Required fields are marked *