​අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා විපක්ෂයේ සහය: සජිත්ගෙන් රජයට ප්‍රබල ප්‍රකාශයක්!

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට විපක්ෂය සූදානම් බවත්, ඒ සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මෙවර 6 වන ශ්‍රේණිය සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට රජය අපොහොසත් වීම හේතුවෙන් සිසුන් රැසක් අගතියට පත්ව ඇති බවට ඔහු චෝදනා කළේය. මෙම ප්‍රතිසංස්කරණ අතරමග නතර වීමේ වගකීම වත්මන් ජනාධිපතිවරයා සහ රජය සතු බවත්, ඒ සඳහා විපක්ෂය වගකිව යුතු නොවන බවත් ඔහු අවධාරණය කළේය. ​මෙම වසරේ සිට 6 ශ්‍රේණිය සඳහා නව ප්‍රතිසංස්කරණ බලාපොරොත්තුවෙන් සිටි දහස් සංඛ්‍යාත දෙමාපියන්ගේ අපේක්ෂාවන් රජයේ ප්‍රමාදය හේතුවෙන් බිඳ වැටී ඇති බව ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය. පවතින අඩුපාඩු මඟහරවා ගනිමින් මෙම වසර තුළම ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ උපදෙස් ලබා ගන්නා ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය. විධිමත් සාකච්ඡා මාර්ගයෙන් නව අදහස් ඉදිරිපත් කිරීමට සහ අධ්‍යාපන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට විපක්ෂය ඕනෑම අවස්ථාවක සූදානම් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 987

Leave A Reply

Your email address will not be published. Required fields are marked *