​අනතුරු ඇඟවීම් නොතකා දුම්රියට දැමූ මෝටර් රථය කුඩේ කුඩු: පියකු සහ පුතකු ඇතුළු තිදෙනෙකුට බරපතලයි!

බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව කොස්ගොඩ පොලිසිය පවසයි. ඊයේ (27) පස්වරුවේ කොස්ගොම – පියගම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර, තුවාල ලැබූවන් අතර පියෙකු, ඔහුගේ පුත්‍රයා සහ තවත් ඥාතියෙකු වන බව වාර්තා වේ. තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා බලපිටිය සහ කරාපිටිය ශික්ෂණ රෝහල් වෙත ඇතුළත් කර තිබේ.​අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය හරස් මාර්ගයේ රතු සංඥා ලාම්පු සහ අනතුරු ඇඟවීමේ සීනුව ක්‍රියාත්මක වෙමින් තිබියදී, රියදුරු ඒවා නොතකා රථය ධාවනය කිරීම අනතුරට හේතු වී ඇත. දුම්රියේ ගැටීමත් සමඟ මෝටර් රථය දුම්රිය මාර්ගයෙන් ඉවතට විසිවී ගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

What's your reaction?

Related Posts

1 of 916

Leave A Reply

Your email address will not be published. Required fields are marked *