අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැදවුම්කරු ලහිරු චතුරංග වීරසේකර සහ ජීවන්ත පීරිස් පියතුමාට එලඹෙන අප්‍රේල් මස 04 දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද 70 සිතාසි නිකුත් කරනු ලැබුවා

ඒ 2022 ඹක්තොම්බර් 09 වන දින කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයකට අදාලව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක කොටුව පොලීසිය විසින් චෝදනා ගොනු කිරීමෙන් අනතුරුව ය.

නීති විරෝධී රැස්වීමට සහභාගී වීම ,රාජකාරී නිලධාරීන්ට අඩන්තේට්ටම් කිරීම සහ සාපරාදි බලහත්කාරකම් කිරීම යන චෝදනා කිහිපයක් යටතේ කොටුව පොලීසිය මගින් කොටුව අධිකරණයට සංශෝධිත වාර්තාවක් ගොනු කරමින් මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවා.
සිද්ධියට අදාළව
ලහිරු චතුරංග වීරසේකර,
සහ ජීවන්ත පීරිස් පියතුමා
ජෝෂප් ස්ටාලින්
ප්‍රියාත් නිකේෂල
නූර් මොහොමඩ් යන අයට අද දිනයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබුනු අතර ඒ අනුව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් , අරගල ක්‍රියාකාරී
ප්‍රියාත් නිකේෂල,
නූර් මොහොමඩ් යන අය අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔවුන් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කෙරිණි.
2022 ඔක්තොම්බර් 09 වන දින කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවති
උද්ඝෝෂණ සිද්ධියේ අධිකරණ නියෝග කඩ කල බවට මින් පෙර සැකකරුවන් 4 දෙනෙකු අත් අඩංගුවටගෙන අධිකරනයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇත.

අරගලයේ සැමරුම් උත්සවයක් අතුරතුරදි මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරයා පෙන්වා දුන්නේය.

What's your reaction?

Related Posts

1 of 563

Leave A Reply

Your email address will not be published. Required fields are marked *