හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) අත්අඩංගුවට ගැනීමත් සමඟ, පාස්කු ප්‍රහාරය සම්බන්ධ බරපතළ කරුණු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ හෙළිවී ඇති බව විශ්වසනීය ආරංචි මාර්ග පවසයි.
විශේෂයෙන් පිල්ලෙයාන්ගේ මැදිහත්වීම් සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් කිහිපදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැදගත් තොරතුරු ලබාදී ඇති බව වාර්තා වේ.
ඉදිරියේදී තවත් සාක්ෂිකරුවන් කිහිපදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සාක්ෂි ලබා දීමට නියමිත බව ද වාර්තා වේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර 6ක් සපිරෙන අප්‍රේල් 21ට ආසන්නව, වත්මන් ආණ්ඩුව විසින් එම ප්‍රහාරය පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර, පසුගිය දිනවල නව සාක්ෂි ලබා ගැනීම අරඹා ඇත.