අනුර මීටරයේ නවතම දත්ත නිකුත් වෙයි: ප්‍රධාන පොරොන්දු 10ක් දැනටමත් ඉටුකර අවසන්!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දු නිරීක්ෂණය කරන වෙරිටේ රිසර්ච් ආයතනයේ “අනුර මීටරය” (Anura Meter) හි නවතම යාවත්කාලීන කිරීම් මගින් මිශ්‍ර ප්‍රගතියක් පෙන්නුම් කරයි. 2025 නොවැම්බර් මාසය වන විට සිදුකරන ලද ඇගයීමට අනුව, තෝරාගත් ප්‍රධාන මැතිවරණ පොරොන්දු 30න් 10ක් සම්පූර්ණයෙන්ම ඉටු කර ඇති අතර, තවත් පොරොන්දු 10ක් ඉටු වෙමින් පවතී. පොරොන්දු 9ක් සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රගතියක් වාර්තා වී නොමැති අතර එක් පොරොන්දුවක් අසාර්ථක වූ බවට වර්ගීකරණය කර ඇත. 2026 ජාතික අයවැය දක්වා වූ වර්ධනයන් සහ සුළි කුණාටුවේ බලපෑමට පෙර පැවති තත්ත්වයන් මෙහිදී විශ්ලේෂණයට ලක් කර තිබේ.​මහජන උනන්දුව සහ ජාතික වැදගත්කම මත පදනම්ව ආර්ථික ප්‍රතිසංස්කරණ, යහපාලනය, දූෂණ විරෝධී පියවර, නීතිය හා සාමය සහ සමාජ ආරක්ෂණය යන ක්ෂේත්‍ර ඔස්සේ මෙම පොරොන්දු තෝරාගෙන ඇත. මැතිවරණ පොරොන්දු ඉටු කිරීමේ විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා Manthri.lk වෙබ් අඩවිය මගින් මෙය පවත්වාගෙන යනු ලබන අතර, මීට පෙර මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන්ගේ පොරොන්දු නිරීක්ෂණය කළ “මෛත්‍රී මීටරය” සහ “ගෝඨා මීටරය” වැනි ව්‍යාපෘතිවල අඛණ්ඩ පියවරක් ලෙස මෙය හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ එකම පාර්ලිමේන්තු නිරීක්ෂණ වේදිකාව වන Manthri.lk මෙහෙයවනු ලබන්නේ මෙරට ප්‍රමුඛ ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන වෙරිටේ රිසර්ච් (Verité Research) විසිනි.

What's your reaction?

Related Posts

1 of 972

Leave A Reply

Your email address will not be published. Required fields are marked *