අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා

ඉකුත් කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කර ජනාදිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

ලැබුණු තොරතුරකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිළුපුලී ලංකාතිලක මහත්මිය වෙත මෙම කරුණු වාර්තා කිරීම සිදුකළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම කරුණු සම්බන්ධයෙන් විමර්ශන පවත්වා එහි ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

එමෙන්ම විමර්ශන වලට අවශ්‍ය ඉදිරි නියෝග වේ නම් ඒවා අධිකරණය වෙතින් ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශයට දැනුම් දුන්නා.

What's your reaction?

Related Posts

1 of 120

Leave A Reply

Your email address will not be published. Required fields are marked *