අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්යක්ෂ ශානි අබේසේකර මහතාගේ නම භාවිතා කරමින් මහජනතාව නොමග යවන සුළු ව්‍යාජ ඊමේල් පණිවිඩ මාලාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. මෙම ඊමේල් පණිවිඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද ඒවා නොවන බවත්, ඒ සඳහා කිසිදු නිල අවසරයක් ලබාදී නොමැති බවත් එම දෙපාර්තමේන්තුව තහවුරු කරයි.පොලිසිය පවසන පරිදි, [email protected] සහ [email protected] යන විද්‍යුත් තැපැල් ලිපින ඔස්සේ මෙම පණිවිඩ සංසරණය වන අතර, ඒවායේ මූලික අරමුණ වන්නේ මහජනතාව මුල්‍ය වංචාවලට හසුකර ගැනීම හෝ ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු අනීතික ලෙස ලබා ගැනීමයි. මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන් හඳුනා ගැනීමට සහ ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇත. එබැවින්, ඉහත සඳහන් කළ ඊමේල් ලිපිනවලින් ලැබෙන පණිවිඩවලට ප්‍රතිචාර දැක්වීමෙන් හෝ තම පෞද්ගලික තොරතුරු ලබාදීමෙන් වැළකී සිටින ලෙස පොලිසිය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.


























