අද උදෑසන කාලයේ ජා ඇල පොලිස් වසමේ ඒකල ප්‍රදේශයේදී ජා ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර අපරාධ වලට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26 වයසේ පසුවන දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකල වැඩිදුර විමර්ශනයේදී ජා ඇල පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ රන් අත් පළඳනාවක් කොල්ලකෑමේ අපරාධයටත්, රාගම, මහබාගේ, මාලඹේ හා වැල්ලම්පිටිය යන පොලිස් ස්ථාන වෙත වාර්තා වී තිබූ රන් මාල කොල්ලකෑම් සිද්ධින් 02 ක් හා යතුරු පැදි සොරකම් සිද්ධීන් 02 ක් සඳහා අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු බවටත්, එක් සැකකරුවෙකුට පූගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් වී ඇති බවටත් අනාවරණය වී තිබෙනවා
සැකකරුවන් විසින් සොරකම් කරන ලද රන්මාල 02ක්, යතුරු පැදි 02 ක් හා උණු කර තිබූ රන් ගුලියක් පොලිසිය විසින් සොයා ගෙන ඇත.
ජා ඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.