අප්‍රේල් 1 සිට බොහෝ පොදු සේවාවන් සඳහා TIN සහතිකය අනිවාර්යයි!

2026 අංක දරන දේශීය ආදායම් (සංශෝධන) පනතේ විධිවිධාන ප්‍රකාරව, ලබන අප්‍රේල් මස 01 වැනිදා සිට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සේවා සහ ගනුදෙනු රැසක් සඳහා බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) සහිත සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත්වේ. මෙම රෙගුලාසිය මගින් අත්‍යවශ්‍ය කටයුතු සඳහා විධිමත් බදු ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියක් සහතික කරමින්, TIN අංකයක් හිමි ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයකට මෙම සහතික නිකුත් කිරීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට බලය පවරා ඇත.​ඒ අනුව, වලංගු TIN සහතිකයක් අදාළ බලධාරීන්ට ඉදිරිපත් නොකර මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීම හෝ ණය පතක් (Credit Card) ලබා ගැනීම වැනි මූල්‍ය ගනුදෙනු සිදු කළ නොහැක. එසේම ඉඩම් ලියාපදිංචි කිරීම, ගොඩනැගිලි සැලසුම් සඳහා නිල අනුමැතිය ලබා ගැනීම, මෝටර් රථ ලියාපදිංචිය මෙන්ම වාහන බලපත්‍ර අලුත් කිරීම වැනි කටයුතු සඳහා ද මෙය අනිවාර්ය වේ. මීට අමතරව ව්‍යාපාර ලියාපදිංචි කිරීම සහ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගමක කොටස් හුවමාරු කිරීමේදී ද දෙපාර්ශවයම මෙම සහතිකය ඉදිරිපත් කළ යුතුය. 2026 සංශෝධිත පනතට අනුව බැංකු කළමනාකරුවන්, රෙජිස්ට්‍රාර්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වැනි නිලධාරීන් අදාළ සේවාවන් සැපයීමට පෙර TIN සහතිකය පරීක්ෂා කිරීමට නීතියෙන් බැඳී සිටී.

What's your reaction?

Related Posts

1 of 1,031

Leave A Reply

Your email address will not be published. Required fields are marked *