අපේ පිරවුම්හලට කිසිඳු දේශපාලන සබඳතාවක් නැහැ – Consolidated Freighters and Agencies (PVT)

පසුගියදා මාර්තු 03වැනිදා පාර්ලිමේන්තුවේදී හෙළි කළ දේශපාලන සම්බන්ධකම් සහිත ඉන්ධන පිරවුම් හල් පිළිබඳ ලැයිස්තුවේ තම පිරවුම්හලේ නම ඇතුළත්ව තිබුණත් ඊට තම සමාගමේ කිසිදු සම්බන්ධයක් නොමැති බව Consolidated Freighters and Agencies පෞද්ගලික සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එහි කළමනාකාර අධ්‍යක්ෂ ජී.බී. අරෝෂන සිල්වා මහතා පවසන්නේ නොම්බර 29, පස්සර පාරේ, බල්ලකැටුව පිහිටි තම ආයතනය 1957 වසරේ සිය දිවංගත පියා විසින් ආරම්භ කළ බවයි.

සිය පියාට කිසිදු දේශපාලන සබඳතාවක් ද නොතිබුණු බව ඔහු පවසයි.  

අපගේ සමාගම කිසිදු දේශපාලන බලපෑමකින් තොර ස්වාධීන සමාගමක් බව ද එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 694

Leave A Reply

Your email address will not be published. Required fields are marked *