අභිනවයෙන් පත් වූ විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා, අද (25) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

විශේෂ කාර්ය බලකායේ 13 වන අණදෙන නිලධාරී වශයෙන් පත්වීම් ලැබීමෙන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතා සහ අග්‍රාමාත්‍යවරිය අතර සිදු වූ පළමු නිල හමුව මෙයයි. මෙහිදී විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ලෙස පත්වීම පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වර්ණ ජයසුන්දර මහතා වෙත අග්‍රාමාත්‍යවරිය සිය සුභපැතුම් පළ කළාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
2025.01.25

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *