අභියෝග ජයගෙන නව ශ්‍රී ලාංකේය අනන්‍යතාවයකින් පෙරට යමු – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

2025 වසරේ අත්පත් කරගත් ප්‍රගතිශීලී ජයග්‍රහණ පදනම් කරගනිමින්, වඩාත් ශක්තිමත් සහ එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අත්වැල් බැඳගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය 2026 නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි. පසුගිය වසරේ ජනතාවාදී රජයක් යටතේ දූෂණයෙන් තොර කාර්යක්ෂම රාජ්‍ය සේවයකට පදනම දැමූ බවත්, ආර්ථික ස්ථාවරත්වය සහ ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගැනීමට හැකි වූ බවත් ඇය පෙන්වා දෙයි. 2025 වසර අවසානයේ ඇති වූ අවාසනාවන්ත ව්‍යසනකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකිකයන් දැක්වූ සහෝදරත්වය සහ මානුෂීය ගුණය ලෝකයේම ඇගයීමට ලක්වූ බව සිහිපත් කරන අග්‍රාමාත්‍යවරිය, එම අභියෝගවලින් මිදී ජනජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට රජය උපරිමයෙන් කැපවන බව අවධාරණය කරයි.​2026 වසරේදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක පරිවර්තනයක් ඇති කිරීම, සමස්ත රාජ්‍ය සේවයම ඩිජිටල්කරණය කිරීම සහ නව නිපැයුම්කරුවන්ට මෙන්ම කලාකරුවන්ට ගෝලීය මට්ටමට පිවිසීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම රජයේ ප්‍රධාන අරමුණු බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කරයි. මත්ද්‍රව්‍යවලින් තොර, පරිසර හිතකාමී සහ කරුණාවන්ත සමාජයක් බිහිකිරීමේ වගකීම ජාති, ආගම් හෝ දේශපාලන භේදයකින් තොරව සමස්ත ජාතිය සතු බව පවසන ඇය, අතීත අභියෝග ශක්තියක් කරගනිමින් අලුත් බලාපොරොත්තු ඇතිව නව වසරට පිවිසෙන ලෙස සියලුම පුරවැසියන්ට ආරාධනා කර සිටියි.

What's your reaction?

Related Posts

1 of 922

Leave A Reply

Your email address will not be published. Required fields are marked *