2022 මැයි 09 වන දින ‘අරගලය’ පැවති සමයේ නිට්ටඹුව ප්‍රදේශයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ තීන්දුව ගම්පහ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් අද ප්‍රකාශයට පත් කරන ලදී. නීතිපතිවරයා විසින් පුද්ගලයින් 41 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබූ මෙම නඩුවේ දීර්ඝ විභාගයකින් අනතුරුව, විත්තිකරුවන් 12 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරුණු අතර තවත් විත්තිකරුවන් 23 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය පියවර ගත්තේය. මීට අමතරව, සිව්දෙනෙකුට වසර පහකට අත්හිටුවන ලද මාස හයක සිරදඬුවම් නියම විය.


























