අයහපත් කාලගුණය නිසා දෙදෙනෙක් මරුට

බලංගොඩ – හැරමිටිගල ප්‍රදේශයේ ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බලංගොඩ – හැරමිටිගල – රාස්සගල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්.

මොහු ඊයේ සිය නිවස ආසන්නයේ ඇති තවත් නිවසකට අතු කඩා වැටීම පිළිබද සොයාබැලීමට යමින් සිටියදී මාර්ගයේ තිබූ ගසක් මෙලෙස කඩා වැටී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

එමෙන්ම අයහපත් කාලගුණය හේතුවෙන් ගාල්ල ඉමදූව ප්‍රදේශයෙන් පුද්ගල මරණයක් වාර්තා වුණා.

මෙලෙස මිය ගොස් ඇත්තේ 40 හැවිරිදි ගාල්ල ඉමදූව පිටුවලහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ආපදා කළමානාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් උදය හේරත් කියා සිටියේ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාවන්ට අනුව තවදුරටත් දැඩි අවධානයෙන් ජනතාව කටයුතු කළ යුතු බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *