අරලියගහ මන්දිරයේ පැවති අබාධ සහිත පුද්ගලයන්ගේ කලා සහ සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය

ආබාධ සහිත ප්‍රජාවගේ නිර්මාණාත්මක කුසලතාවයන් ඔප්නැංවීම අරමුණු කරගනිමින් පවත්වන ලද ජාතික සාහිත්‍ය සහ කලා තරඟාවලියේ සාහිත්‍ය අංශයේ සම්මාන ප්‍රදානෝත්සවය අරලියගහ මන්දිරයේ දී ඊයේ ( 18) පැවැත්විණ.

එහිදී පද්‍යරචනා, කෙටිකතා, ස්වයංචරිතාපදාන, ගීත නිර්මාණ හා ඡායාරූප යන තරඟ අංශ සඳහා සම්මාන සහ සහතික පත්‍ර ප්‍රදානය කෙරිණි.

ඒ අනුව,පද්‍ය රචනා සිංහල මාධ්‍ය ප්‍රථම ස්ථානය – එස්. පී.ජී. සඳුනි නිසංසලා ජයවර්ධනපද්‍ය රචනා දෙමළ මාධ්‍ය ප්‍රථම ස්ථානය – සෙල්වරෙතිනම් මාණික්‍යකරසිකෙටිකතා සිංහල මාධ්‍ය ප්‍රථම ස්ථානය – සුනිලා රත්නායකකෙටිකතා දෙමළ මාධ්‍ය ප්‍රථම ස්ථානය – කලයියාරාසන් ඈන් අනීතාස්වයංචරිතාපදාන සිංහල මාධ්‍ය ප්‍රථම ස්ථානය – ජී. ඒ. නාදිශිකා මධුෂානිස්වයංචරිතාපදාන දෙමළ මාධ්‍ය ප්‍රථම ස්ථානය – සුරේෂ් කුමාර් දිලෝජිනිඡායාරූප ප්‍රථම ස්ථානය – ඒ.ඒ. ඩී. චිරන්ත හෂාන් අමරසිංහගීත නිර්මාණ සිංහල ප්‍රථම ස්ථානය – යු. ආර්. ජයසුන්දර බණ්ඩාරගීත නිර්මාණ දෙමළ ප්‍රථම ස්ථානය – සිවකුමාර් මතුමිතා යන තරඟකරුවන් සම්මානයට පාත්‍රවිණි.

මෙරට ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් තවදුරටත් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ සංස්කෘතික කලා රසවින්දනය වෙනුවෙන් ලැබිය යුතු අවස්ථාවන් පුළුල් කිරීම වෙනුවෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ආබාධ සහිත ප්‍රජාවගේ සංස්කෘතික අයිතිවාසිකම් ප්‍රවර්ධන කාර්යාංශය මෙම වැඩසටහන සංවිධානය කෙරිණි

.පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත සිල්වා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් ඒ. එම්. පී. එම්. බී. අතපත්තු, අතිරේක ලේකම් තිලක් හෙට්ටිආරච්චි, සංස්කෘතික ප්‍රවර්ධන අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රසාද් රණසිංහ,බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් අනිල් අබේගුණවර්ධ යන මහත්වරු, අමාත්‍යාංශ නිලධාරීහු, ආබාධ සහිත ප්‍රජාව ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *