ඉදිරි සිංහල සහ හින්දු අලුත් අවුරුදු උදාවට පෙර 2025 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි. ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ අවශ්‍ය කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව ඇය සඳහන් කළාය. මේ අතර, අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර, එම විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අප්‍රේල් මස අග භාගයේදී පැවැත්වීමට නියමිතය. ඒ අනුව, ප්‍රායෝගික පරීක්ෂණ අවසන් වූ වහාම සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට ද පියවර ගන්නා බව කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
























