අහස උසට යන පොල් මිල

හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුළ පොල් මිල දැඩි ලෙස ඉහළ යාමත් සමඟ මෙම ප්‍රදේශවල පාරිභෝගික ජනතාව දුෂ්කරථාවයන්ට පත්ව ඇත.

මේ වන විට පොල් ගෙඩියක මිල රුපියල් 220ත් 230ත් අතර මිලකට අලෙවි වන බවත්, කුඩා පොල් ගෙඩියක් පවා මේ විට රුපියල් 180ත් 190ත් අතර මිලකට අලෙවි වන බවත් මෙම තත්වයන් මත තමන්ට නිසි ලෙස පොල් සම්බලයක් සමග හෝ බත් කටක් කැමට නොහැකි තත්වයක් පවතින බවත් ඔවුන් සඳහන් කරයි.

පවතින මෙම තත්වයන් මත තව දුරටත් පොල් මිල ඉහළ යාමේ අවදානමක් පවතින බවත් ඒ අනුව සිංහල හිංදු අලුත් අවුරුද්ද වන විට පොල් ගෙඩියක මිල රුපියල් 250ත් 260ත් දක්වා ඉහල යාහැකි බවද ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.  

What's your reaction?

Related Posts

1 of 689

Leave A Reply

Your email address will not be published. Required fields are marked *