​ආණ්ඩුවේ තර්ජන හමුවේ අපේ ගමන නතර කළ නොහැකියි – නාමල් රාජපක්ෂ

ජනතාව බිය ගැන්වීමෙන්, මහා සංඝරත්නයට අපහාස කිරීමෙන් හෝ අධිකරණය සහ නීතිපති දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතනවලට බලපෑම් කිරීමෙන් ආණ්ඩුවක් පවත්වාගෙන යා හැකි යැයි කේ.ඩී. ලාල් කාන්ත අමාත්‍යවරයා සිතන්නේ නම් එය හුදෙක් සිහිනයක් පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ලාල් කාන්ත අමාත්‍යවරයාට මෙය අදාළ නොවන බව හැඟී ගියද, රටේ පැවැත්මට මෙම කරුණු බෙහෙවින් අදාළ වන බව ඔහු අවධාරණය කළේය.​තුවක්කු වෙනුවට පොලු භාවිතය පිළිබඳව අමාත්‍යවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, “මල් වෙඩිවලින් පහර දිය හැකි ඉලක්කවලට කාලතුවක්කු පත්තු කරන්නේ නැති බව ඔහු පවසා ඇති නමුත්, අප පවසන්නේ මරා දැමිය හැකි ඉලක්කවලට අප මල් වෙඩි භාවිතා නොකරන බවයි” යනුවෙනි. ආණ්ඩුව තමන්ගේ තර්ජනවලින් දේශපාලනය නැවැත්විය හැකි යැයි නොසිතිය යුතු අතර, පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ලබාදුන් පණිවිඩය නිසි ලෙස වටහා නොගතහොත් ඉදිරි මැතිවරණවලදී මීට වඩා දරුණු ප්‍රතිචාරයකට මුහුණ දීමට සිදුවනු ඇති බවටද ඔහු අනතුරු ඇඟවීය.​තවද, රජයේ දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශය කිසිවෙකුත් විශ්වාස නොකරන තත්ත්වයක් උදා වී ඇති බවත්, බිය ගැන්වීම් සහ රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කිරීම හරහා රටක් පාලනය කළ නොහැකි බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

What's your reaction?

Related Posts

1 of 981

Leave A Reply

Your email address will not be published. Required fields are marked *