ආනන්ද – නාලන්ද ප්‍රථම ‘සුජීව විජයනායක’ බේස්බෝල් සටන ආනන්දයට!

කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාලීය ඉතිහාසයේ ප්‍රථම වතාවට සංවිධානය වූ “සුජීව විජයනායක අභියෝගතා කුසලාන” බේස්බෝල් මහා තරගය උද්යෝගිමත් නිමාවකින් පසු ජයග්‍රහණය කිරීමට ආනන්ද විද්‍යාලය සමත් විය. දියගම ජපන් මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු මෙම ඓතිහාසික තරගය නැරඹීම සඳහා මෙරට ජපාන තානාපති අකිඕ ඉසොමාතා (Akio Isomata) මහතා සහ JICA ආයතනයේ ශ්‍රී ලංකා ප්‍රධානී කෙන්ජි කුරොනුමා (Kenji Kuronuma) මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.​තරග වට නවයකින් සමන්විත වූ මෙම තියුණු සටනේදී නාලන්ද විද්‍යාලයීය පිල පරදා ලකුණු 7-5ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ආනන්ද ක්‍රීඩකයෝ සමත් වූහ. විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය සහ සිසුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම මංගල බේස්බෝල් හමුව, දෙවිදුහල් අතර පවතින සුහදත්වය තවදුරටත් වර්ධනය කළ ක්‍රීඩා මංගල්‍යයක් ලෙස සනිටුහන් විය.

What's your reaction?

Related Posts

1 of 1,073

Leave A Reply

Your email address will not be published. Required fields are marked *