ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් 2025 වසරේදී හඳුනාගත් නව නිෂ්පාදන හතක් එළිදැක්වීම සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (දෙසැම්බර් 30) පෙරවරු 10.00 ට නාවින්න පරිශ්‍රයේදී පැවැත්වේ. මෙහිදී කුබ්ජ ප්‍රසාරිනී තෛලය, බාල කොරණ්ඩ තෛලය, පංචවල්කල චූර්ණය සහ සංස්ථාවේ ඇටමිදුළු පෙති (Bone Marrow Tablet) වැනි ඖෂධීය නිෂ්පාදන මෙන්ම, පිණ්ඩ බාම්, රත්හඳුන් බොඩි වොෂ් සහ පංචවල්කල ෂැම්පු වැනි ශාකසාර නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමට නියමිතය. මෙම උත්සවයට සමගාමීව 2024 වසරේ රාජ්‍ය අංශයේ මිලදී ගැනීම් පදනම් කරගනිමින් සංස්ථාවේ ප්‍රගතිය ඇගයීමට ලක් කිරීම ද සිදු කෙරේ.වසර 56කට අධික කාලයක් පුරා මෙරට ආයුර්වේද ක්ෂේත්රයේ පුරෝගාමියා ලෙස කටයුතු කරන ආයුර්වේද ඖෂධ සංස්ථාව, මේ වන විට නිෂ්පාදන 194ක් පමණ වෙළඳපොළට නිකුත් කරයි. දිවයින පුරා පිහිටි ආයුර්වේද රෝහල්, මධ්‍යස්ථාන සහ ලියාපදිංචි වෛද්‍යවරුන් වෙත උසස් ප්‍රමිතියෙන් යුතු ඖෂධ ලබාදෙමින් ජාතික සෞඛ්‍ය සේවාවට විශාල දායකත්වයක් සපයන මෙම ආයතනයේ නව නිෂ්පාදන එළිදැක්වීමේ අවස්ථාවට සංස්ථා සභාපතිනී ගීතාමණී එස්. කරුණාරත්න, කළමනාකාර අධ්යක්ෂ වෛද්‍ය එම්.ජේ. මාරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් රැසක් සහභාගී වීමට නියමිතය.


























