ඇමරිකානු සංක්‍රමණික වීසා නිකුත් කිරීම රටවල් 75 කට තාවකාලිකව අත්හිටුවයි!

ඇමරිකානු රජයේ සහනාධාර මත යැපීමට ඉඩ ඇති පුද්ගලයින් (public charge) හඳුනාගැනීම සඳහා සිදුකරන නව විමර්ශනයක කොටසක් ලෙස, ලබන ජනවාරි 21 වැනිදා සිට රටවල් 75 ක අයදුම්කරුවන්ට සංක්‍රමණික වීසා නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මෙම තීරණය බලපානු ලබන්නේ ඇමරිකාවේ ස්ථිර පදිංචිය අපේක්ෂා කරන පුද්ගලයින්ට (Permanent Residence) පමණක් වන අතර සංචාරක, ශිෂ්‍ය සහ ව්‍යාපාරික වැනි සංක්‍රමණික නොවන වීසා කාණ්ඩ සඳහා මෙයින් බලපෑමක් සිදු නොවේ. මේ යටතේ ඇෆ්ගනිස්ථානය, ඉරානය, රුසියාව, බ්‍රසීලය, ඊජිප්තුව සහ තායිලන්තය වැනි රටවල් රැසක් ඇතුළත් වන බව වාර්තා වේ.​එක්සත් ජනපද සංක්‍රමණ නීතියට අනුව, පුද්ගලයෙකු එරටට ඇතුළු වූ පසු රජයේ ආධාර මත යැපීමට ඉඩ ඇති බවට තීරණය වුවහොත් ඔවුන්ට වීසා ප්‍රතික්ෂේප කළ හැකිය. මෙම විමර්ශන කටයුතු අවසන් වන තෙක් අදාළ රටවල සංක්‍රමණික වීසා අයදුම්පත් පිළිබඳ තීරණ ගැනීම අත්හිටුවන ලෙස කොන්සියුලර් නිලධාරීන්ට උපදෙස් දී ඇති අතර, මෙම තහනම ඉවත් කරන නිශ්චිත කාලසීමාවක් ප්‍රකාශයට පත් කර නොමැත. කෙසේ වෙතත්, මෙම හදිසි තීරණය හේතුවෙන් පවුල් යලි ඒකාබද්ධ වීමේ ක්‍රියාවලිය ප්‍රමාද විය හැකි බවත්, වීසා ක්‍රියාවලිය ආරම්භ කර තිබූ දහස් සංඛ්‍යාත පිරිසක් දැඩි අපහසුතාවයට පත්විය හැකි බවත් සංක්‍රමණික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් පෙන්වා දෙති.

What's your reaction?

Related Posts

1 of 569

Leave A Reply

Your email address will not be published. Required fields are marked *