ඇමරිකාවෙන් ස්වයංව පිටවන සංක්‍රමණිකයන්ට ඩොලර් 3,000 ක දීමනාවක්!

ඇමරිකා එක්සත් ජනපදයේ නීතිවිරෝධීව රැඳී සිටින සංක්‍රමණිකයන් වසර අවසානයට පෙර ස්වේච්ඡාවෙන් රටින් පිටවීමට එකඟ වන්නේ නම්, ඔවුන්ට ඇමරිකානු ඩොලර් 3,000 ක මුදලක් ලබාදෙන බව එරට ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව (DHS) සඳහන් කරයි. මේ සඳහා ඔවුන් ‘CBP Home’ ජංගම යෙදුම (App) හරහා ලියාපදිංචි වී ස්වයංව පිටුවහල් වීමට එකඟ විය යුතුය. මීට පෙර ට්‍රම්ප් පරිපාලනය මේ සඳහා ඩොලර් 1,000 ක් ලබාදුන් අතර, උත්සව සමය වෙනුවෙන් එම මුදල තෙගුණ කර ඇත. මෙය ට්‍රම්ප් පාලන සමයේ නීතිවිරෝධී සංක්‍රමණ මැඩලීම සඳහා ලබාදුන් ඉහළම දිරිගැන්වීම ලෙස සැලකේ.​ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයෙම් (Kristi Noem) දැඩි අනතුරු ඇඟවීමක් කරමින් කියා සිටියේ මෙම අවස්ථාව මගහරින පුද්ගලයන් අත්අඩංගුවට ගෙන පිටුවහල් කරන බවත්, ඔවුන්ට නැවත කිසිදා ඇමරිකාවට ඇතුළු වීමට ඉඩ නොදෙන බවත්ය. දෙසැම්බර් 31 වනදා දක්වා පමණක් වලංගු මෙම වැඩපිළිවෙළ යටතේ ස්වේච්ඡාවෙන් පිටවන්නන්ට මූල්‍ය දීමනාවට අමතරව නොමිලේ ගුවන් ටිකට්පත් හිමිවන අතර, ඔවුන්ට එරෙහිව පනවා තිබූ සිවිල් දඩ හෝ දඬුවම්වලින් ද නිදහස් වීමේ අවස්ථාව හිමිවේ. මෙය සංක්‍රමණිකයන්ට උත්සව සමයේ තමන්ටම ලබාගත හැකි “හොඳම තෑග්ග” ලෙස රජය හඳුන්වා දී ඇත.​2025 ජනවාරි මාසයේ සිට මේ දක්වා මිලියන 1.9 කට අධික නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිරිසක් ස්වේච්ඡාවෙන් රටින් පිටව ගොස් ඇති බව ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය. ජනාධිපති ට්‍රම්ප් සිය ධුරයට පත්වීමෙන් පසු දැවැන්ත පිටුවහල් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන අතර, ඒ හරහා නීත්‍යානුකූල සංක්‍රමණ ක්‍රමවේද ද දැඩි කර තිබේ. ‘CBP Home’ යෙදුම හරහා ස්වයංව පිටුවහල් වන බව වාර්තා කිරීමට පහසුකම් සලසා ඇති අතර, රජය විසින් නත්තල් තේමාව යටතේ සිදු කරන මෙම ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් දැඩි විවේචන ද එල්ල වී තිබේ.

What's your reaction?

Related Posts

1 of 535

Leave A Reply

Your email address will not be published. Required fields are marked *