ඉංගිරියේ බස් – ලොරි අනතුරකින් පාසල් සිසුන් ඇතුළු පිරිසකට තුවාල

ඉංගිරිය ප්‍රදේශයේ උදෑසන සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් ඇතුළු 25 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, පාසල් ක්‍රිකට් කණ්ඩායමක් ගමන් කරමින් සිටි ලොරි රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

තුවාල ලැබූවන් ඉංගිරිය සහ හොරණ රෝහල්වලට ඇතුලත් කර ඇත.

පොලීසිය සඳහන් කළේ ලොරි රථයේ රියැදුරුගේ අපරීක්ෂාකාරී ධාවනය අනතුරට හේතු වී ඇතැයි, සැක පළ කරන බවයි.

What's your reaction?

Related Posts

1 of 757

Leave A Reply

Your email address will not be published. Required fields are marked *