ගොඩ ගැසී ඇති ඉඩම් නඩු කඩිනමින් විසඳීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ, මේ වනවිට දිස්ත්‍රික් අධිකරණවල ඉඩම් නඩු 33000කට අධික සංඛ්‍යාවක් ගොඩ ගැසී ඇති බවය.
එය දිසා අධිකරණවල නඩු සංඛ්‍යාවෙන් 13% කි.
අමාත්‍යවරයා පැවසුවේ, පාර්ශ්ව කිහිපයක සහභාගීත්යෙන් මේ පිළිබඳව අධ්‍යයනයට කමිටුවක් ද පත් කරන බවයි.