ඉන්දීය අගමැති මෝදිගේ නිල පිළිගැනීමේ උත්සවය අද(05) කොළඹ නිදහස් චතුරශ්‍රයේදී

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි  මහතා පිළිගැනීමේ රාජ්‍ය උත්සවය අද(05) පෙරවරු 9.00ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක් සඳහා  ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් ඊයේ (04) සන්ධ්‍යාවේ දිවයිනට ළඟා විය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත යන මහත්ම මහත්මීන් විසින් ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු රාජතාන්ත්‍රික නියෝජිත පිරිස මහත් හරසරින් පිළිගන්නා ලදී.

What's your reaction?

Related Posts

1 of 748

Leave A Reply

Your email address will not be published. Required fields are marked *