මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය සහ නවීකරණය කෙරුණු මහව – ඕමන්ත දුම්රිය මාර්ගය අද(06) පෙරවරුවේ විවෘත කෙරුණි.
ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.
ඊට අදාළ ඉදිකිරීම් සිදු කෙරුණේ, ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙසයි.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, අද(06) පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත් අතර එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක් ආශිර්වාද ලබා ගත්තේය.
