ඉන්දීය මහකොමසාරිස් සහ හිටපු ජනපති රනිල් අතර විශේෂ හමුවක්

​ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සුහද හමුවක් පැවැත්වූ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. X සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, මෙහිදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන සහ ආර්ථික ගමන්මග පිළිබඳව දෙපාර්ශවයේ විශේෂ අවධානය යොමු වූ බවයි. එමෙන්ම දෙරටට මෙන්ම කලාපයටම යහපත් ප්‍රතිලාභ අත්වන අයුරින් ඉන්දු-ලංකා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු කරගෙන තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,027

Leave A Reply

Your email address will not be published. Required fields are marked *